නවතම පුවත්

වෙළඳ නෞකාවක සිටි කොරෝනා ආසාධිත සැක පිලිපීන නැවියෙකු කොළඹ වරායට

අසංක

අසංක

 

රමේෂ් වරල්ලෙගම

විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කෙරෙන නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදාව සදහන් කරයි.

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අළුයම් කාලයේදී කටයුතු කර තිබේ.

ලයිබීරියානු සමාගමකට අයත් බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ හේතුවෙන් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලෙස ආදල නෞකාව වෙත සේවාවන් සපයන දේශීය සමාගම වන MSC ලංකා මගින් කොවිඩ් 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධයස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෟජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදාව විසින් වයස අවුරුදු 36 ක් වන සෝලිස් රයන් මාගන් (Solis Ryan Magan) නම් පිලිපීන ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත අද (13) ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.

මෙහිදී, කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 05 ක‍් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා (01) සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

මෙවැනි අවස්ථාවක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණදීම සඳහා නාවික හමුදාව, වරාය අධිකාරිය සහ සුවසැරිය ගිලන් සේවය යන ආයතන ගනනාවක් සමග එකතුවී කොළඹ වරාය පරිශ්‍රය තුළදීම විධිමත් පෙරපුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ බැවින් සාර්ථකව මෙම කාර්යය සිදු කිරිමට හැකියාව ලැබුණු අතර, මෙය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ සුවසැරිය ගිලන් සේවයේ නොමද සහයෝගය දුන් බව නාවික හමුදාව සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්