වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගන්න විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යැවේ

Picture of අසංක

අසංක

අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනීගම විමලතිස්ස හිමියන් අත්අඩංගුවට ගැනීමට රටපුරා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අස්ගිරි විහාර පරිශ්‍රයේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දේපළකට හානි කිරීමක් සම්බන්ධයෙන් අස්ගිරි විහාරයෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

වේදිනිගම විමලතිස්ස හිමියන් සොයා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මරත්න මහතා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යවා තිබේ.