වේල්ලවීදියේ කාන්තා සිරුරක් ඇති බෑගයක් දමා ගිය ඝාතකයා සියදිවි නසාගෙන

Picture of අසංක

අසංක

කොළඹ කොටුව වේල්ල වීදියේ හිස නැති කාන්තා මලසිරුරක් බෑගයක දමා ගිය ඝාතකයා අද උදෑසන බුත්තල බඩල්කුඹුරේ සිය නිවසට ආසන්න කැලෑ ප්‍රදේශයකදී සිය දිවි හානි කරගෙන තිබේ.

එම ඝාතකයා 52 හැවිරිදි තිදරු පියෙක් වන අතර බුත්තල පොලීසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකි.

ඔහුගේ විස්තර ලද පොලිසිය ඔහුගේ නිවසට යනවිට ඔහුගේ සිරුර නිවසට ආසන්න කැලෑ ප්‍රදේශයේ දී හමුවී ඇත්තේ වස පානය කර ගෙළ වැළලාගෙන සිටියදීය.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි කුරුවිට පදිංචිකාරිනියකි.

සැකකරු පසුගිය 28 වැනිදා නිවාඩු ලබාගෙන පැමිණ හංවැල්ල ලැගුම්හලකදී ඇය ඝාතනය කොට 01 වැනිදා මළ සිරුර කොටුවට ගෙනැවිත් ඇත.

පොලිස් පරීක්ෂකවරයා රත්නපුර ප්‍රදේශයේ සේවය කරන සමයේදී අවිවාහක සිටි මෙම තරුණිය සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගෙන ඇත.

මෙම ඝාතනය සිදුව ඇත්තේ එම අනියම් සබඳතාවයේ ප්‍රතිඑලයක් ලෙසයි.

මළ සිරුරේ සිරුරේ හිස තවමත් සොයාගෙන නොමැත.

පොලිසිය අනුමාන කරන්නේ සීසීටීවී දර්ශන වලට අනුව මෙම පොලිස් පරීක්ෂකවරයා රැගෙන ගිය අනිත් බෑගයේ එම හිස තිබෙන්නට ඇති බවයි.