නවතම පුවත්

වෛද්‍යවරුන්ට යළිත් පොලිසියේ ASPලා වෙන්න අවස්ථාවක්

අසංක

අසංක

කලකට පසු වෛද්‍යවරුන්ට සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වන්නට අවස්ථාවක් උදාවී ඇත.

ඒ පොලිස් රෝහලට වෛද්‍යවරුන් 13 දෙනෙකුගේ පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බැවිනි. පොලීස් රෝහලේ පූර්ණ කාලීන සේවයට වෛද්‍යවරු බදවා ගැනෙන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙසිනි. ඒ සඳහා අයදුම්පත් කැදවීමක්ද මේ වන විට පොලිස් මූලස්ථානය කර තිබේ.

උපසේවා සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස මෙම වෛද්‍යවරුන් බදවා ගනු ලබන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ද්විතීයනය කිරීමේ පදනම මතය.

මෙහිදී නිල නිවසක් හැරුණු කොට සහකාර පොලිස් අධිකාරීවරයෙකුට ලැබෙන සෑම වරප්‍රසාදයක්ම පාහේ වෛද්‍යවරුන්ටද ලැබෙති. ඊට නිල රථයක්, පොලිස් රියදුරෙක්, ඉන්ධන දීමනා, දුරකතන සහ ටැබ් පරිගණකයක්ද ඇතුලත්ය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ දැනට ඇති රෝහල් ගණන දෙකකි. ඒ නාරාහේන්පිට සහ කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහල්ය. නාරාහේන්පිට පිහිටි රෝහලේ දැනට වෛද්‍යවරු 52 දෙනෙක් සේවයේ නිරතව සිටින අතර කුණ්ඩසාලේ 10 දෙනෙක් සේවයේ නිරතව සිටින බව පොලිස් රෝහල් තොරතුරු සඳහන් කළේය. මේ අතර විශේෂඥ වෛද්‍යවරු 05 දෙනෙක්ද සේවයේ නිරතව සිටිති. විශේෂඥ වෛද්‍යවරුන් පොලිස් අධිකාරීවරුන් සේවය කරනුයේ පොලිස් අධිකාරීවරුන් ලෙසනි.

මෙම වෛද්‍යවරුන්ට අමතරව විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු 150ක් අධික පමණ පොලිස් රෝහලට පැමිණ ස්වෙච්ඡාවෙන් මාසකට වරක් දෙවරක් සේවයේ නිරතව සිටීම විශේෂත්වයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්