බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
මේ වන විට පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ එම ඉවත් කිරීම දේශපාලන බලපෑමකින් තොරව, පරිපාලනමය තීන්දුවක් මත සිදුවූවක් බවයි.
මෙම ඉවත් කිරීමට හේතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේ දී සවිස්තරව කරුණු දක්වනු ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.
රට තුළ මතුවූ covid-19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු බොහොමයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසිනි.
මීට පෙර එම කාර්‍ය්ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළ අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම තනතුරු තවමත් පුරප්පාඩුව පවතී.