නවතම පුවත්

වෛද්‍ය ෂාෆිගේ විමර්ශන ගැන මහාචාර්ය විල්ෆ්‍රඩ් පෙරේරාගෙන් සැර ලිපියක්

අසංක

අසංක

වෛද්‍ය ෂාෆි සහාබ්දීන්ගේ පරීක්ෂණවලට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයට ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහාචාර්ය විල්ෆ්‍රඩ් පෙරේරා මහතා යැවූ බව කියන ලිපියක් සමාජ ජාලා තුළ බහුලව සංසරණය වීමට පටන් ගෙන තිබේ.

මෙම ලිපියේ අන්තර්ගත වන පරිදි මහාචාර්යවරයා විසින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා වෙත යවා ඇත්තේ පසුගිය 30 වැනිදා ය.

මෙරට සිටින වයස්ගතම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා හා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ අතීත සභාපතිවරයකු හා අනුග්‍රාහකවරයකු වශයෙන් මෙම ලිපිය අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන බව ලිපියේ මුලින් සඳහන් කර තිබේ.

ලිපියේ අන්තර්ගතයේ සාරාංශය මෙසේය.

වෛද්‍ය ෂාෆි පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පැමිණිලි ලැබී ඇති මව්වරුන් සඳහා HSG, DSHW හා CSHW යන පරීක්ෂණ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාගේ අවසරයකින් තොරව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අධ්‍යක්ෂවරයා ගෙන්වා ඔහුගේ ස්ථාවරය විමසා ඇත.

එහෙත් අධ්‍යක්ෂවරයා අධිකරණයට පවසා ඇත්තේ මව්වරුන්ට එම පරීක්ෂණ පැවැත්වීමට තමන් විරෝධය පළකරමින් එය තවදුරටත් ඉදිරියට ගෙන යාම නවතා දැමූ බවයි.

මෙම පරීක්ෂණ සිදුකළහොත් එය ගැටලු මතුවිය හැකි බවට අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ.

එහෙත් මහාචාර්යවරයා ලිපියෙන් අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇත්තේ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබුවද ප්‍රසව හා නාරිවේද කටයුතු සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් දීමට අධ්‍යක්ෂවරයා කිසිසේත් නුසුදුසු බවය.

HSG පරීක්ෂණ දහස් ගණනකට වඩා තම සේවා කාලය තුළදී සිදුකර ඇති බවත් එය කිසිදු ගැටලුවක් ඇතිනොකරන පරීක්ෂණයක් වන අතර තම සේවා කාලයේදී කිසිවකුගෙන් පැමිණිලි නොලද බවත් එහි සඳහන් වේ.

තවත් කරුණු ගණනාවක් සමග ලිපියේ තවදුරටත් දක්වා ඇත්තේ කාලය හා මුදල් නාස්ති නොකොට අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළ හැකි ආකාරය ගැනය.

මහාචාර්ය විල්ෆ්‍රඩ් පෙරේරා මහතා ලොව ප්‍රකට වූ මෙරට සිටින ශ්‍රේෂ්ටතම ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙක් වන අතරම 1970 දී වෛද්‍ය විද්‍යා අංශයෙන් නොබෙල් ත්‍යාගයට නාම යෝජනා වූ කීර්තිමත් වෛද්‍යවරයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්