රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14කට රටම වසා දමන ලෙස වෛද්‍ය සංගම් විසින් කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ඉල්ලා නොසිටි බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී .
වෛද්‍ය සංගම් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති තම තමන්ගේ යෝජනා මාධ්‍යට නොව ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ පවතී රූපවාහිනී සාකච්ජාවකට එක්වෙමින් පැවසීය .
මෙහිදී ඒ මහතා මෙසේද පැවසීය.
” අතිගරු ජනාධිපතිතුමා ඊයෙ රැස්වීමෙදි පැහැදිලිවම කිව්වා කියන දෙයක් කියන්න තමන්ට. කාර්ය සාධක බලකා රැස්වීමෙදි කියන්න කියලා . ජනාධිපතිතුමාම කිව්වා ඇයි මට කියන්නෙ නැතුව ගිහිල්ලා එළියෙ කියන්නෙ, එළියෙ කිව්වා කියලා මොනවද කරන්න පුළුවන් මෙතනදී කතා නොකර කියලා. ඉතිං ඒක හින්දා ඒක ඉතාමත් පැහැදිලියි, මං විස්තර කරන්න අවශ්‍යතාවයක් නෑ ඒ කියපු කතාව සම්බන්ධයෙන්.

ඉතිං ඒ ආකාරයෙන් තමයි සමහරවිට කතා නොකර හිටියත් අපෙ කාර්ය සාධක බලකායෙදි අපි සමහර සංගම්වලින් අහනවා තව මොනවා හරි නිර්දේශයක් තියෙනවාද ඔබතුමන්ලාට කියලාට. එහිදීවත් නොකියා සමහර පුද්ගලයින් සමහරවෙලාවට විවිධ නිර්දේශයන් ඉදිරිපත් කරනවා ජනතාව ඉදිරියෙදි. ඉතිං අරවගේ ස්ථානයකදි නිර්දේශයක් ඉදිරිපත් කළාම එය කතිකාවට ගනු ලබනවානෙ. එතකොට විවිධ පාර්ශ්ව ඉන්නවා. සෞඛ්‍ය නිර්දේශ, අනෙකුත් නිර්දේශ, ඒ ඔක්කොම එකට සාකච්ඡාවට භාජනය කරලා ගන්නවා අද ඔය කරපු සංචරණ සීමාවලට අපි දන්නවා ඔය වෛද්‍ය සංගම්වල නියෝජිතයින් මීට දින කිහිපයකට කලින් ඇවිත් ජනාධිපතිතුමාව හම්බුණාම කිව්වෙ මෙහෙම දෙයක්, අපි කිව්වා මෙහෙම කරමු කියලා, ඒ වෙලාවෙදි සියලු දෙනාම ඊට කැමැත්ත ප්‍රකාශ කළා. , නමුත් අපි බලාපොරොත්තු වෙන්නෙ කියන දෙයක් අපෙ කාර්ය සාධක බලකායෙදි කිව්වා නම් එතකොට මේක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාමාර්ග ගන්න පුළුවන්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.”