කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ සාෆි සහබ්දීන් මව්වරුන් බලහත්කාරයෙන් වඳ කිරීමේ සැත්කම් සිදුකළ බවට වූ චෝදනා පිළිබඳ පැවැත්වූ විමර්ශන පිළිබඳ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම සිය නිල කාලය අවසන් වීමට ආසන්නව තිබියදී පොලිස්පතිවරයා වෙත විශේෂ ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ එම විමර්ශන සිදුකළ කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමක් පත්කොට එම විමර්ශන යලි ආරම්භ කරන ලෙස එම කොමිසම පොලිස්පතිවරයා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
කොමිසම සිය දැන්වීම මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සාපේක්ෂ ආදීන් සම්බන්ධයෙන් වන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම විසින් නිසියාකාරව සිදු කර නොමැති බවටයි.
පාස්කු කොමිසමේ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව ද දීර්ඝ ලෙස සොයා බැලීමට නියමිතව තිබුණ ද නිල කාලය සීමා වීම හේතුවෙන් එම විමර්ශනය කිරීම අතහැර දමා ඇත.
කෙසේ වෙතත් ඒ වන තෙක් සොයාගත් කරුණු අනුව පොලිස්පතිවරයා වෙත මෙම විශේෂ දැනුම් දීම කිරීමට කොමිසම කටයුතු කර ඇත.