වෛරසයෙන් ආරක්ෂා වන ක්‍රම ගැන සෝෂල් මීඩියා ප්‍රචාර බොරු

Picture of අසංක

අසංක

මධ්‍යසාර පානය කිරීමෙන් හා උෂ්ණත්වය අධික ප්‍රදේශවල සිටීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට සමාජ මාධ්‍ය හරහා පැතිරයන තොරතුරු හා පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අවධාරණය කර සිටී

මධ්‍යසාර පානය කිරීමෙන් , සුවවන කිසිදු රෝගයක් ගැන මෙතෙක් ලෝකයෙන් වාර්තාවී නොමැති බවත් , මධ්‍යසාර කර්මාන්තයේ හා ව්‍යාපාරවල නිරතවූවන් විසින් මෙම අසත්‍ය ප්‍රචාර දියත්කරන බවට සැක මතුව ඇති බවත් සමරවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය

මධ්‍යසාර පානය කිරීමෙන් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට වන ප්‍රචාරය , විද්‍යාත්මක තොරතුරක් වරදවා වටහාගනීමක් වන බවද ඒ මහතා පැහැදිලි කළේය