නවතම පුවත්

වෛරස වනසන දේශීය ඖෂධ 21ක් සහිත Herbal Mask එකක්

අසංක

අසංක

දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා සැකසූ මුඛ ආවරණයක් (Herbal Mask) නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සෞඛ්‍ය අමාතයංශයේදී පිළීගන්වා තිබේ.

මෙය පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියළිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් කවන ලද මුඛ ආවරණයකි.

නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් ද මේ සඳහා තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත.

බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති නිසා පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වඩාත් ආරක්ෂිත වීමට එය මඟපාදයි.

ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් මෙහෙයවනු ලබන සහසක් නිමැවුම් තරගාවලියෙන් රන් සම්මානයද දිනා ඇති අතර සහසක් නිමැවුම් ජාත්‍යන්තර තරගාවලියේ හොදම නව නිපැයුම ලෙසද තෝරාගෙන ඇත.

මෙහි ඇති විශේෂත්වයන් වන්නේ,
🔅කිහිප වරක් ම සෝදා පාවිච්චියට ගත හැකිවීම.
🔅නහය සහා කට මුඛ ආවරණයේ ස්පර්ශ නොවීම.
🔅පේටන්ට් බලපත්‍රය සහිත වීම.
🔅ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තා සහතිකයන් සහිත වීම.
🔅100% ආරක්ෂා හා සෞඛ්‍යයමය වශයෙන් සහතික කොට ඇත.
🔅බැක්ටීරියා හා වයිරස් විනාශ කිරිමේ හැකියාවක් මෙම මුඛ ආවරණය සතු තවත් එක් විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ, දේශීය නිෂ්පාදනයක් ලෙස මෙම නව නිර්මාණය වැදගත් වන බවත්, තමන් බටහිර වෛද්‍යවරියක් වුවත් දේශීය ඖෂධ සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබදව ධනාත්මකව සිතන අයෙකු බැවින් මෙම නිර්මාණය අගය කරන බවයි.

මෙම නිර්මාණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද අමාත්‍යවරිය මෙහිදී යෝජනා කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සමන් හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ, නව නිර්මාණ ශිල්පියකු ලෙස තමන් දේශීය ඖෂධ යොදා මුව ආවරණයක් නිර්මාණය කිරීමේ යෙදී සිටියේ කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර සිට බවය. ශ්වසන රෝගවලට ප්‍රතිකාරයක් ලෙස එය භාවිත කිරීමට ඇති හැකියාව සොයා බැලීමට එය සිදුකළ බවත්ය.

මෙහි සාර්ථකත්වයට හොඳම සහතිකය හිමිවූයේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් බවත් එම ආයතනය මඟින් කළ පර්යේෂණවල දී මෙම මුව ආවරණය හරහා බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති බවත් ඔහු මෙහිදී සදහන් කරන ලදි.

මේවන විට නව නිපැයුම් නිර්මාණ 22ක් සදහා පේටන්ට් බලපත්‍ර හිමිකර ගැනීමට සමන් හෙට්ටිආරච්චි මහතා සමත්ව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්