වෛරී ප්‍රකාශවලට එරෙහිව ජගත් සංවිධානය අවි අමෝරයි

Picture of අසංක

අසංක

ආගම් හා ජාතීන් පදනම් කරගත් වෛරී ප්‍රකාශවලට එරෙහි එක්සත් ජාතින්ගේ සංවිධානය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ඒ අනුව වෛරි ප්‍රකාශවලට එරෙහි එක්සත් ජාතින්ගේ උපාය මාර්ග හා ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

නව ක්‍රියාකාරි සැලැස්ම යටතේ සියලු දෙනාගේ මානව හිමිකම්වලට ගරු කිරිම සහ එකිනෙකාට වෙනස් අයුරින් සැලකීම වැළැක්විමට අපේක්ෂිතය.

මෙම සැලසුම දියත් කරමින් ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා අවධාරණය කළේ රුවන්ඩාව බොස්නියාව කාම්බෝජය වැනි රටවල සිදුවු සමුල ඝාතන වලට සහ මෑතකදි ශ්‍රී ලංකාව නවසීලන්තය හා ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවු ප්‍රචණ්ඩක්‍රියා වලට එම වෛරී ප්‍රකාශන පදනම් වී ඇති බවයි.

එක්සත් ජාතින්ගේ නව උපාය මාර්ග සහ ක්‍රියාකාරි සැලැස්ම වෛරී ප්‍රකාශ හදුනා ගැනිම වැලැක්විම ආදිය සඳහා අවස්ථාව සලසනු ඇති බවද එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා පැවසීය.