අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විද්‍යාල ප‍්‍රථිඵලය පිලිගනිමින් අමෙරිකානු කොංග‍්‍රසය ජෝ බයිඞ්න්ගේ ජයග‍්‍රහණය තහවුරු කර ඇත .
අමෙරිකානු කොංග‍්‍රසය එම තීරණය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පැය කිහිපයකට පසුවය.
ජන්ද විද්‍යාල 306 ක ජය ජෝ බයිඞ්න් තහවුරු කරගෙන ඇති අතර, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය තහවුරු කිරීමට සමත්ව ඇත්තේ ඡන්ද විද්‍යාල 232 ක් පමණි . ඒ අනුව, ජෝ බයිඞ්න් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය . ඒ සමග, කමලා හැරිස් අමෙරිකානු උප ජනාධිපතිවරිය ලෙස දිව්රුම් දීමට නියමිතය .
ජෝ බයිඞ්න්ගේ ජය තහවුරු කිරීම සදහා කොංග‍්‍රස් මණ්ඩලයේ ඡුන්ද විමසීම් පැවැත්වෙන අතරතුර අමෙරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් බලහත්කාරයෙන් ඇතුළු වීම හේතුවෙන් හටගත්තේ දැඩි නොසන්සුන්තාවයකි .
ඒ හේතුවෙන් මේ වනවිට වොෂින්ටනයට දින 15 ක කාලයක් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. නොසන්සුන්තාව අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.