නවතම පුවත්

සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය යටතේ නිකුත් කර තිබේ.
මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන්ගේ ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් සිදු කර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්යය වේ.

දිවයිනට පැමිණෙන සියලු සංචාරකයින් මෙරට තුළ දින 07 ක කාලයක් රැඳී සිටිනවා නම්, ඔවුන් PCR පරීක්ෂණ දෙකකට මුදල් ගෙවිය යුතු අතර දින 07 කට වඩා වැඩි කාලයක් රැඳී සිටිනවා නම් ඔවුන් PCR පරීක්ෂණ 03 කට මුදල් ගෙවිය යුතු ය.

මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්කෙරෙන අතර ඔවුන් සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට ඔවුන්ට හැකිය.

මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ආරක්‍ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ.

මෙම දින 14 කාල සිමාව තුලදී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයන් තුලින් පිටතට යාමට අවසරය හිමි නොවේ.

කෙසේ වෙතත් ව්‍යාපාරික වීසා (Business Class) පහසුකම යටතේ මෙරටට පැමිණෙන පුද්ගලයින්ට මෙම මාර්ග උපදේශ අදාළ වන්නේ නැත.

මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් කොවිඩ් රක්ෂණ ආවරණයකට හිමිකම් කිව යුතු අතර එය මෙරට මුදලින් රුපියල් මිලියන 5 ක් විය යුතුයි.

එලෙස පැමිණෙන සංචාරකයෙකුට සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම දින 14 කාල සිමාව තුළ දී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයෙන් පිටතට යාමට අවසරය හිමි වන්නේ නැත.

මෙරටට පැමිණීමෙන් පසු සිදු කරන PCR පරීක්ෂණයේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ජෛව බුබුලක්
( Travel Bubble) ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමි ය.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇති සංචාරක කලාප 14 තුළ පමණක් ජෛව බුබුලක් ( Travel bubble) ලෙස මෙම විදේශීකයින්ට සංචාරය කිරීමට අවසරය හිමිවන්නේ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා මත පදනම්වයි.

මේ සියලුම PCR පරීක්ෂණයක්ම සිදු කළ යුත්තේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලත් පෞද්ගලික රසායානාගාරවලින් පමණක් වන අතර එයට මූලික විය යුත්තේ ඔවුන් රැඳී සිටින හෝටලයයි.

ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයින් වෙනත් සංචාරකයින් සමග මිශ්‍ර වීමට ඉඩ නොදීමට අදාළ සංචාරකයින් රැගෙන එනු ලබන සමාගම් විසින් කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගන්නා හෝටල් , ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීම ද මෙම ක්‍රමවේදය අනුව සිදු කළ යුතුයි.

 

සම්පූර්ණ මාර්ගෝපදේශන මාලාව 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්