මෙරට තුළ ශරියා නීතිය යටතේ පුද්ගලයන් 20ක් පමණ ඝාතනය වී ඇති බවට වන ආන්දෝලනාත්මක ප්‍රකාශයට පසුබිම් වූ සිද්ධීන් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පසුගියදා නුගේගොඩදී පැවැති රැළියකදී මේ බව අනාවරණය කර තිබුණි.
උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ ඒ පිළිබඳ තමන් සතුව අවශ්‍ය ලිපිගොනු ඇති බවත් ඒවා ආරක්ෂක අංශ වෙත භාරදීමට කටයු කරන බවත් ය.
රටේ පවතින නීතියට පරිභාහිරින් කටයුතු කිරීම බරපතළ වරදක් බැවින් මේ පිළිබඳ සොයාබලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙම විමර්ශනය පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය දන්වා සිටියි.