ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් වන බවත් ඒ සම්භන්ධව විදෙස් රටවල් නගන චෝදනා ප්‍රතික්ෂේප කර සිටින බවත් ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියෙදී අවධාරණය කර සිටී .
විවිධ රටවල් මෙම පත්වීම පිළිබඳව විවිධ ආදහස් දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාව කලකිරීමට පත්ව ඇති බවද 42 වන ජගත් මානව හිමිකම් සැසිය අමතමින් ජිනීවාහි මෙරට නිත්‍ය නියෝජිත ඒ අසීස් මහතා අද (11) අවධාරණය කර ඇත.
ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිලිබඳ මූලික කණ්ඩායම කල ප්‍රකාශයට පිළිතුරක් ලෙස අසීස් මහතා මේ බව සඳහන් කළේය .
කැනඩාව, ජර්මනිය උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය මෙම මූලික කණ්ඩායමේ සාමජික රටවල් වේ.