ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පත් කිරීම හරහා මෙරට මානව හිමිකම් සම්භන්ධව ජාත්‍යන්තරය තුල පවතින විශ්වාසය බිඳ වැටෙන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිරිසක් එක්ව නිකුත් කල නවතම නිවේදනයක දැක්වේ.
, ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළම තනතුරකට පත් කිරීම මානව හිමිකම් වින්දිතයින්ට කරන අපහාසයක් වන අතර,නීතියේ කඩාවැටීමක් පිළිබඳ භයානක සලකුණක් වන බවත් සත්‍ය සාධාරණය ප්‍රවර්ධනය කිරීම පිලිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත ෆේබියන් සල්වියෝලි මහතා ප්‍රමුඛ ජගත් නියෝජිතයින් පිරිසක් නිකුත් කල නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාවේ නීති පද්ධති පිළිබඳව විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් ,එමගින් රාජ්‍ය ආයතන අස්ථාවරත්වයට පොළඹවන බවත් ඔවුන් නිවේදනය කර ඇත,