ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව පක්ෂය නියෝජනය කරන නව දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ලබාදෙන බව මහලේකම්වරයා කීය
මේ අතර හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
වමිල් වීරවංශ මහතාගේ ද සහභාගිත්වයෙන් බොරැල්ල, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්ෂ නියෝජිතයෝ ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දක්වන බව පැවසූහ.