නවතම පුවත්

ශ්‍රී ලංකාවට දෙන ණය ගැන IMF අවසන් තීරණය අද

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය අද රැස්වීමට නියමිතය.

ඒ ශ්‍රී ලංකාව විසින් ඉල්ලුම් කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමේ තීරණය ගැනීම සඳහායි.

ණය පහසුකම ලබාගැනීම සඳහා, ශ්‍රී ලංකාව සියලු පූර්ව කොන්දේසි සපුරාලී‍මත් සමඟ මේ පිළිබඳ අවසන් තීරණය ගැනීම වෙනුවෙන් IMF විධායක මණ්ඩලය අද රැස්වීමට පසුගියදා තීරණය කර තිබුණි.

මෙම ණය පහසුකම අනුමත කළහොත් වාරික වශයෙන් වසර 4ක් තුළදී සම්පූර්ණ ණය පහසුකම මෙරටට ලැබෙන ලැබීමට නියමිතය. මුල් වාරිකය ලෙස ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනු ඇත.

මෙම අනුමැතිය ලැබීමත් සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා තවත් අරමුදල් මාර්ග විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ ඔස්සේ රටේ පවතින ඩොලර් අර්බුදයෙන් මිදීමේ අවස්ථාව ලැබෙනු ඇත.

අදාළ ණය පහසුකම IMF විසින් අනුමත කළහොත් මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහන වනු ඇත.

මෙම පියවරෙන් පසුව වසර 10 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට සිය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට සිදුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්