ශ්‍රී ලංකාවෙන් පිටවී වහා ආපසු එන්න – රුසියාව මෙරට සිටින සිය ජනතාවට කියයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ සිදුකරන සංචාරය වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද දිනයේදී කටුනායක ගුවන් තොටුපළින් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ ,

රුසියාව බලා පියාසර කරන අවසන් එරෝෆ්ලොට් ගුවන් යානය මගින් අද දහවල් ඔවුන් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙනවා. කොතෙකුත් අර්බුද පැවතිය ද ගැටළුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවත් සිය කැමැත්තෙන් මෙරට තුළ සංචාරයේ නිරත වූ බවයි එලෙස ශ්‍රී ලංකාවෙන් පිටව ගිය රුසියානුවන්මාධ්‍ය වෙත පැවසුවේ.

ඉදිරියේදී රුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද සිය රට බලා යාමට ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානුවන් සඳහන් කළා.

මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුසියානු බලධාරීන් දැනුවත් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම දැනුවත් කිරීම සිදුකර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.