නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අර්බුදයේ නරකම බලපෑම් අවම කරන්න හදිසි ප්‍රතිපත්ති ඕනෑ – ලෝක බැංකුව

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව විසින් කලාපීය රටවල ආර්ථිකය පිළිබඳ වසරකට දෙවතාවක් නිකුත් කරනු ලබන යාවත්කාලීන වාර්තාව අද නිකුත් කර තිබෙන අතර මේ බව එහි දැක්වේ.

එම වාර්තාව පවසන්නේ මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බවය.

ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ දිළිඳු හා අවදානමට ලක් වූවන් කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය බව එම වාර්තාව පෙන්වා දෙයි.

දකුණු ආසියාවේ රටවල් දැනටමත් ඉහළ යන භාණ්ඩ මිල, සැපයුම් බාධක සහ මූල්‍ය අංශවල දුර්වලතා සමඟ පොරබදමින් සිටී.

යුක්රේනයේ යුද්ධය උද්ධමනයට සහ ජංගම ගිණුම් ශේෂයන් පිරිහීමට තවදුරටත් දායක වෙමින් මෙම අභියෝග තව තවත් උග්‍ර කරනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.

“ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික දැක්ම සහ මිනිසුන්ට ඇති වන බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හාඩඩ් සර්වෝස් එහි පවසා තිබේ.

“ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා හදිසි ආධාර සැපයීමට අපි කටයුතු කරමින් සිටිමු. අපි ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටිමු. එමෙන්ම සාමූහික හා ශක්තිමත් ක්‍රියාමාර්ග අවශ්‍ය වන තිරසාර වර්ධනයක් පිළිබඳ උදව්දීමට අපි කැපවී සිටිමු.” යැයි ද හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාව, එහි දුර්වලතාවල ව්‍යුහාත්මක මූලාශ්‍ර සොයාබලා පිළිබඳ පියවර ගත යුතු ය. මෙය දේශීය ආදායම් බලමුලු ගැන්වීම ශක්තිමත් කිරීම හරහා, රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීම සඳහා අවශ්‍ය වේ.

ණය තිරසාර බව යළි ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාවට ඉටුකළ හැකි විකල්ප සොයා ගත යුතුය. රාජ්‍ය අංශයට දැඩි ලෙස නිරාවරණය වෙමින් මූල්‍ය අංශය හොඳින් නිරීක්ෂණය කළ යුතුය.

රාජ්‍ය අංශයට දැඩිව නිරාවරණයව තිබියදී බැංකුවල ශේෂ පත්‍ර මත මෑතකාලීන මුදල් අවප්‍රමාණය වීමේ බලපෑම මූල්‍ය අංශය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතු බව එහි දැක්වේ.

අත්‍යාවශ්‍ය ගැලපීම් සිදුකිරීමේදී වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකි අතර මුලින් දරිද්‍රතාවයට බලපෑම් කළ හැකිය. නමුත් එමගින් සැලකිය යුතු අසමතුලිතතාවයන් නිවැරදි කර පසුව ශක්තිමත් සඳහා පදනම සපයයි. තිරසාර වර්ධනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් වෙත ප්‍රවේශය ද සපයන බව එහි දැක්වේ. දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට ඇති වන බලපෑම් අවම කිරීම ඉතා වැදගත් බව ද ලෝක බැංකු වාර්තාවේ සඳහන් ය.

ආර්ථික තත්ත්වය ප්‍රකෘතිමත් වීමේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය අඛණ්ඩව ශක්තිමත්ව පැවතියද, දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් ඉදිරියේදී ද අභියෝගවලට මුහුණ දෙනු ඇතැයි එහි දැක්වේ.

ධනාත්මක පැත්තක් ද ඇති අතර එනම්, වසංගතය පහව යන විට ආසියානු කලාපයෙන් සේවා අපනයනය ඉහළ යමින් පවතින බව ද ලෝක බැංකුව කියාසිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්