ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සඳහන් කර ඇත
මෙරට ආර්ථික දුෂ්කරතාවන් මගහරවා ගැනීමට එලෙස අයෝජනය කිරීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
විදෙස් සංචිත හිගයකින් ශ්‍රී ලංකාව පසුවන අතර ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන සහ විදුලිබල අර්බුදයකටද මුහුණ පා ඇත්තේ මේ හේතුවෙන් බව සුබ්‍රමනියම් ජයශංකර් මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත .
ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හරහා ඊට යම් හෝ විසදුමක් ලැබෙනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ..