නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනයට ඇමෙරිකාවේ සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඇමරිකා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද අග්‍රාමාත්‍යවරයා එම දුරකථන සංවාදයේ දී පවසා ඇත.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත සිය සුභාශිංසන පළ කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා රාජ්‍ය ලේකම් වරයාගෙන් ඉල්ලා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්