නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොවිඩ් එල්ලකල මරු පහර!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැට තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් මේ බව අනාවරණ කළේ, සිය නවතම සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරමිනි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මැන බැලීම සඳහා ආයතන මට්ටමේ සමීක්ෂණයක් පසුගිය වසරේ මාර්තු මස සිට ජූනි මස දක්වා සිදු කර තිබේ.

මෙම සමීක්ෂණය මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන ආවරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එක් එක් වසර තුළ තාවකාලික ව හෝ ස්ථිර ව වැසි ගිය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානවල ප්‍රතිශතයන්හි අගය ද එම දෙපාර්තමේන්තුව විසින් අද හෙළි කරනු ලැබිණි.

එහි දී 2019 වසරේ සියයට 9.9ක් ද 2020 වසරේ සියයට 33.4 ක් ද 2021 වසරේ දී 27.4ක් හා 2022 වසරේ සියයට 29.3ක් ව්‍යාපාර වැසී ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්