නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අළලා රචිත “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්‍රන්ථය එලි දැක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්රන්ථය එළිදැක්වීමේ උත්සවයට සත්කාරකත්වය ලබා දෙමින් ශ්රී ලංකා සංචාරක ව්යාපාරය සිය ප්රවර්ධන කටයුතුවල තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. කීර්තිමත් ‘MCC ක්රිකට් සමාජය සහ MCC වසරේ ග්රන්ථය සම්මානය මෙන්ම ලෝක ප්රකට විස්ඩන් (Wisden) ක්රිකටර්ස් ඇල්මැනැක් විසින් පිරිනමන ‘වසරේ විස්ඩන් ග්රන්ථය’සම්මානය දිනා ගැනීමට මෙම ග්රන්ථයට හැකි වීම සුවිශේෂී වේ.

ග්රන්ථය එළිදැක්වීමේ උත්සවය 2023 මැයි 02 වන දින ගල්කිස්ස හෝටලයේදී පැවැත්විණි. එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් H.E. Sarah Hulton මහත්මියයි. එසේම ශ්රී ලංකාවේ නවසීලන්ත තානාපති H.E.Michael Aplleton මහතා , ප්රවීන ක්රිකට් ක්රීඩක අර්ජුන රණතුංග මහතා, චලක ගජබාහු මහතා – සභාපති, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය, නිකලස් බෲක්ස් -කතුවරයා ද ඇතුළුව, ක්රිකට් ක්රීඩකයින්, ක්රිකට් විචාරකයින්, රාජ්ය තාන්ත්රිකයින්, සංචාරක නියෝජිතයන්, හෝටල් හිමියන් ,සංචාරක සංගම් සහ සංචාරක නිලධාරීන් සම්භාවනීය අමුත්තන් අතර ප්රධාන තැනක් ගත්හ.

බ්රිතාන්ය ජාතිකයෙකු වන නිකොලස් බෲක්ස් මහතා, ක්රිකට් ලෝලියෙක්, ලේඛකයෙක් සහ ක්රිකට් විශ්ලේෂකයෙක් වන අතර ඔහු ටෝනි ග්රේග්, හර්ෂ බෝග්ලේ සහ තවත් ක්රිකට් විශ්ලේෂකයන් කිහිප දෙනෙකුගේ ගණයට වැටේ. මෙම උත්සවයේ ප්රධාන අරමුණ වූයේ ක්රීඩා සහ විනෝදාස්වාදය සඳහා ලංකාව ප්රමුඛ පෙලේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමත් සහ පළමු වරට ශ්රී ලංකාවේ මෙම පොත එළිදැක්වීමයි.

මෙම උත්සවය ආරම්භ කරමින්සංචාරක ප්රවර්ධන කාර්යන්ශයේ සභාපති චාලක ගජබාහු මහතා ආරාධිත අමුත්තන් පිළිගනු ලැබුවේ ක්රිකට් වලට ආදරය කරන ජාතියක් ලෙස ශ්රී ලංකාවට ලැබී ඇති කීර්තිය සහ එහි වැසියන් විදේශීය ක්රිකට් ක්රීඩකයින් සහ විශ්ලේෂකයින් කෙරෙහි දක්වන ගෞරවය හා ආදරය විස්තර කරමිනි. ශ්රී ලංකා සංචාරක ව්යාපාරය විසින් ක්රීඩා සහ විනෝදාස්වාදය සඳහා ලංකාව ප්රමුඛ පෙලේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමට ගෙන ඇති මෙම වැඩපිළිවෙළ දිගුකාලීනව ඉතා ඵලදායි ප්රයත්නයක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝඩ්ස් හි පුස්තකාලයේදී ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කරමින් පොත ලිවීමට මූලිකත්වය ගත් ආකාරය බෲක්ස් මහතා සිය කතාවේදී පැහැදිලි කළ අතර, 2017 දී ඔහු දිවයිනට පැමිණි පළමු අවස්ථාව එය ව්යාපෘතියක් බව ඔහුට ඒත්තු ගිය බව පැවසීය.. ඔහුට ශ්රී ලංකාවේදී හමු වූ සියලු දෙනාටම කීමට කතාවක් තිබූ අතර, ශ්රී ලාංකේය ආගන්තුක සත්කාරයේ සැබෑ අරුත ඔහු තවදුරටත් ඉගෙන ගත් බව පැවසීය .

ශ්රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ ප්රවීණ ක්රිකට් ක්රීඩකයන් ගැන ඔහු ගෞරවයෙන් සඳහන් කළේය. නිකලස් ශ්රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ශ්රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගැනීමටත්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයක කෙටි කාලයක් ඉගැන්වීමටත් හැකි වූ බව පැවසීය. ඔහුගේ කැපී පෙනෙන ප්රකාශය වූයේ “ශ්රී ලංකාව යනු ක්රිකට් සහ ක්රිකට් යනු ශ්රී ලංකාව වන අතර ක්රිකට් ක්රීඩාවට දේශීය ජනතාව අතර ඇති ඉමහත් ජනප්රියතාවය නිසා ක්රිකට් දෙවන ආගම ලෙස අදහන වෙනත් ජාතියක් ලෝකයේ නොමැති බවයි.”

අනතුරුව, ප්රධාන ආරාධිත අමුත්තා වූ බ්රිතාන්ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය, නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ එම ස්ථානයට පැමිණ සිටි සියලුම ක්රිකට් ක්රීඩකයින් වෙත ග්රන්ථයේ පිටපත් සහ සමරු තිලිණ පිළිගැන්වීම නිකලස් බෲක්ස් මහතා සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා විසින් සිදු කරන ලදී.

ශ්රී ලංකාවේ නවසීලන්තයේ මහ කොමසාරිස් H.E Michel Appleton මහතා ද පොත සහ පොදුවේ ශ්රී ලංකා ක්රිකට් පිළිබඳ සිත් ඇදගන්නා සුළු ප්රකාශයක් ප්රකාශයක් කළේය. එංගලන්තය, ඔස්ට්රේලියාව සහ ඉන්දියාව වැනි ක්රිකට් ක්රීඩාවේ දැවැන්තයන් බිඳ දැමූ 1996 ලෝක කුසලානය ජයග්රහණය කිරීම ශ්රී ලංකාවේ කීර්තිමත් මොහොත බව ඔහු අවධාරණය කළේය. කුඩා දිවයිනක් විශාල රටවල් සමග කරට කර හැපෙමින් ලෝක කුසලානයක් ජය ගැනීම දක්වා ආ ගමන් මග සියලු ජාතීන්ට අගනා පුර්වාදර්ශයක් බව ඔහු පැවසීය..

1995 දී ශ්රී ලංකාව සිය පළමු විදේශීය ටෙස්ට් තරගය ජයග්රහණය කළ ආකාරය සිහිපත් කළ ඔහු, ශ්රී ලංකාවේ ජයග්රහණයට හේතු ලෙස ඔහු ප්රකාශ කළේ නොපසුබට උත්සාහය සහ නව්යකරණයයි. කුඩා ජාතියක් ලෙස ක්රිකට් ක්රීඩාවෙන් ඉදිරියට එන විට නව්යකරණය ඉතා වැදගත් බව ඔහු පැවසීය. බොහෝ රටවල දක්නට නොලැබුණු ශ්රී ලාංකිකයන්ගේ මිත්රශීලී බව ද ඔහු ප්රශංසා කළේය.
ශ්රී ලාංකිකයන් තම රට වෙනුවෙන් ඇති ජාතික අභිමානය ගැන ද සඳහන් කළ අතර, ක්රිකට් ජාතික ක්රීඩාව වන දකුණු ආසියාවේ රටකට යමෙකුට යාමට අවශ්ය නම් ඒ සඳහා හොඳම රට ශ්රී ලංකාව බවද පැවසීය. ඔස්ට්රේලියානු – ශ්රී ලංකා තරගමාලාව නැරඹීමට පැමිණෙන ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ගේ ක්රිකට් උද්යෝගය පිළිබඳව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රට කැළඹිලි සහිත කාලයක සිටියදී පවා තම කණ්ඩායමට ඔල්වරසන් දීමට එක්වීමයි. මේ සියලු කරුණු සඳහන් කරමින් ඔහු ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයට මෙම පොතේ වටිනාකම ප්රකාශ කළ අතර සියලු කටයුතු සාර්ථක වේවායි ප්රාර්ථනා කළේය.

සාම්ප්රදායික නර්තන ප්රසංගයකින් උත්සවය වඩාත් වර්ණවත් වූ අතර, කතුවරයා වන නිකලස් බෲක්ස් වෙත විශේෂ ඇගයීම් සංකේත ප්රදානය කිරීම ද සභාපති චාලක ගජබාහු මහතා අතින් සිදු කෙරිණි. 1996 ලෝක කුසලානය ජයග්රහණය කිරීමට සහ සැබෑ නායකත්වය ප්රදර්ශනය කිරීමට අර්ජුන රණතුංග මහතා දැරූ දායකත්වය සහ උත්සාහය වෙනුවෙන් විශේෂ ඇගැයීමක් මෙහිදී පිරිනැමිණි.
රංජිත් ප්රනාන්දු මහතා, මයිකල් තිසේරා මහතා, ප්රේමසර ඈපාසිංහ මහතා ඇතුළු ජනප්රිය විචාරකයින් මෙන්ම ක්රිකට් ක්රීඩාවේ දැවැන්තයන් වන බ්රැන්ඩන් කුරුප්පු මහතා, මයිකල් තිසේර මහතා, මෙවන් පීරිස් මහතා, මනෝ පොන්නයියා මහතා, ලයනල් ගුණසේකර මහතා, එල්.ආර්. ගුණතිලක මහතා, එල්.සී.ආර්. විජේසිංහ මහතා සහ යාජ්නා ත්යාගරාජා මහත්මිය, අප්සාරි තිලකරත්න මහත්මිය යන අය මෙම අවස්ථාවට සහභාගි වූ සම්භාවනීය අමුත්තන් අතර විය. ක්රිකට් ලෝලීන් සහ ක්රිකට් ක්රීඩකයන් සියලු දෙනාම එකතුව එම සොඳුරු අතීතය සිහිපත් කළ අවස්තාවක් බවට මෙම මොහොත පත් විය.

ශ්රී ලංකා සංචාරක ව්යාපාරය මෙවැනි ඉසව් පැවැත්වීමේ මුලපිරීම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පමණක් නොව, සංචාරක කෝණයකින්, ක්රීඩාව පදනම් කරගත් සංචාරකයින්ට, විශේෂයෙන් එක්සත් රාජධානියේ ක්රිකට් ලෝලීන්ට ශ්රී ලංකාව ගමනාන්තයක් ලෙස ප්රචලිත කිරීමට මෙය මහඟු අවස්ථාවක් ලෙස සැලකේ. මෙමගින් ඇති කර ඇති පිබිදීමත් සමඟ සංචාරකයන්ට ශ්රී ලංකාවට පැමිණ ශ්රී ලංකා ක්රිකට් සහෝදරත්වය නව මානයකට ගෙනයාමට තවදුරටත් දිරිමත් කිරීම මෙහි ඉදිරි අරමුණු අතර වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්