පානීය ජලය ලබාගන්නා මූලාශ්‍රය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 11.5%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත නොහැකි බව හඳුනාගෙන තිබේ.
ඒ ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේදී සිදුකරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේදී අනාවරණය වූ තොරතුරු මතය.
කෙසේවෙතත් එහිදී තවදුරටත් දැනගන්නට ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 88.5%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත හැකි බවය.
එහිදී නාගරික අංශයේ ගෘහයන්ගෙන් 99.1%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත හැකිව තිබේ.
එමෙන්ම ග්‍රාමීය අංශයේ ගෘහයන්ගෙන් 89.2%කට ද සුරක්ෂිත පානීය ජලය ලබාගැනීමේ හැකියාව පවතී.
නමුත් වතු අංශයේ ගෘහයන්ගෙන් සුරක්ෂිත පානීය ජලය ලබාගත හැක්කේ 33%කට පමණක් බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇත.
