නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 14%ක් දුප්පතුන් – නිවෙස් 60%ක් ණයගැතියන්

අසංක

අසංක

අපේ රටේ ගෘහයන්ගෙන් 59.7%ක් ණයගැතියන් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. එනම් එම ගෘහයන් අනාගතයේ යම් දිනක ගෙවා පියවිය යුතු කුමන ආකාරයේ හෝ වගකීමක් ඇති අයයි.

මේ බව හෙළිවී ඇත්තේ එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද 2019 වසරේදී කරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයෙනි.

එම සමීක්ෂණයට අනුව වැඩිම ණයගැති ගෘහ ප්‍රතිශතයන් වාර්තා කරන දිස්ත්‍රික්ක වන්නේ පිළිවෙලින් වවුනියාව (76.1%), මන්නාරම (70.5%) හා පොළොන්නරුව (70.3%)යි.

සමස්තයක් ලෙස ණයගැති ගෘහයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් ණය ලබාගෙන ඇත්තේ නිවාස හෝ ගොඩනැගිලි ඉදිකිරීම් හෝ අළුත්වැඩියා කටයුතු සඳහා ය.

රටක ගෘහයන්ගේ සමස්ත ආදායම එම රටේ මුළු ගෘහයන් සංඛ්‍යාවෙන් බෙදීමෙන් සාමාන්‍ය ගෘහ ආදායම ලෙස සළකනු ලැබේ.

2019 වර්ෂයේදී ශ්‍රී ලාංකික ගෘහයක සාමාන්‍ය මාසික ආදායම රු. 76,414කි. මින් 85%ක් එනම් රු. 65,264ක් මූල්‍ය ආදායම් වේ. ඉතිරි 15% එනම් රු. 11,151ක් මූල්‍ය නොවන ආදායම් වේ.

මූල්‍ය ආදායම් යනු වැටුප් හා වේතන, කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු, අනෙකුත් මූල්‍ය ආදායම් හා තත්කාර්ය ආදායම් හෝ ලැබීම් ය.

මූල්‍ය නොවන ආදායම් යනු තමන්ගේ ගෘහ ඒකකය සඳහා ඇස්තමේන්තු කරන ලද කුලිය ඇතුළුව අනෙකුත් මූල්‍ය නොවන ආදායම් හෝ ප්‍රතිලාභ ය.

නිල දරිද්‍රතා රේඛාව යනු මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පුද්ගලයෙකුට මාසිකව වැය වන අවම වියදම ලෙස සරලව අර්ථකථනය කළ හැක. මෙය රටක මූල්‍යමය දරිද්‍රතාවය හෙවත් මූල්‍යමය දිළිඳුකම ගණනය කිරීමට යොදාගනියි.

නිල දරිද්‍රතා රේඛාවේ නිවැරදි බව හා කාලීන බව තහවුරු කිරීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේදී 2012/13 ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත පාදක කරගනිමින් නිල දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කර තිබේ.

2019 වර්ෂය සඳහා නිල දරිද්‍රතා රේඛාව සැකසීමේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය යොදාගනිමින් ගැළපීම් සිදු කරන ලදි. ඒ අනූව 2019 වර්ෂයේ නිල දරිද්‍රතා රේඛාව (2012/13 පාදක වූ) එක් පුද්ගලයෙකුට මසකට රු. 6,966කි.

මෙයට අනූව ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 11.9%ක් (681,800), එනම් මුළු ජනගහනයෙන් 14.3%ක් (3,042,000) දරිද්‍රතාවයෙන් පෙළේ.

milk-powder-500x500
කිරිපිටි බද්දක් ඉහළට
Medagoda Paththini
මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලයේ වසර 400 කට වඩා පැරණි ඓතිහාසික ඉඹුල් ගස කඩා වැටිම ආසන්නයි
Corona
කේරලයේ 'නිපා' ගැන ලංකාවට අනතුරු ඇඟවීමක් !
ranil wickramasinghe 2
78වන ජගත් සමුළුවේදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය මෙන්න -
city-planing-drone-3
නගර නිර්මාණයට ඩ්‍රෝන් සහය
image-7
චීනය හෝ ඉන්දියාව සමඟ සන්ධානගත වන්නේ නැහැ - රනිල් අමෙරිකාවේදී කියයි!
child-and-social-media
Google, Facebook, YouTube, TikTok ශ්‍රී ලංකාව හැරයාවිද ?
Doctor
විශේෂඥ වෛද්‍යවරු රට ගියාම ඇතිවන හිඟය පියවන්න රජය ගත් තීන්දු
online - social media
ඔන්ලයින් වැරදිවලට නීති හැදෙන කෙටුම්පත ගැසට් කෙරේ
image-5
ජෝන් කීල්ස් වෙතින් අලුත් නිවාස ව්‍යාපෘතියක් !