නවතම පුවත්

“ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවෙනවා”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“එක් චීනයක්” යන ප්‍රතිපත්තියට මෙන්ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ද ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත අවධාරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ශැන්ග්හොන්ග් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අමෙරිකානු කතානායකවරියගේ සංචාරය මුල් කර ගනිමින් චීනය සහ තායිවානය අතර උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමකයි.

වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම් වලින් රටවල් වැළකිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ. අන්‍යෝන්‍ය ගරුත්වය සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගීතාවයට මෙන්ම ගැටුම් ඇති නොවීමට ද වැදගත් පදනමක් බව චීන තානාපතිවරයා හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්