නවතම පුවත්

ශ්‍රී ලංකාව පිලිබඳ අලුත් මානව හිමිකම් යෝජනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ දැන් ආරම්භ වී ඇති 51 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ මිට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තිබූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තේමාව වූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේ නව යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානීය, ජර්මනිය, මලාවී, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවය.

එම යෝජනාවේ දළ කෙටුම්පතක් මේ වනවිටත් සකසා ඇතැයි වාර්තාවන අතර, අදාල රටවල් විසින් සංශෝධනය කිරීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත මානව හිමිකම් මණ්ඩලයේ 51වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් වෙත ලිපියක් යොමුකරමින් හියුමන් රයිට්ස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු සංවිධාන 4ක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ලෙස සැලකෙන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීමක් පැවතිය යුතු බවය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳ වගන්ති ඊට ඇතුළත් විය යුතු බව එම සංවිධාන පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික, දේශපාලන සහ මානව හිමිකම් අර්බුදයකට මුහුණදෙන අතර, පාලකයින් විසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී රැස්වීමට ඇති අයිතිය මර්දනය කිරීමට ආරක්ෂක අංශ යොදාගන්නා බවද එම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල වින්දිතයින් වසර ගණනාවක් පුරා යුක්තිය අපේක්ෂා කළද පැවැති සහ පවත්නා ආණ්ඩු පොරොන්දු කඩකරමින්, වගවීම් අහුරා ඇති අතර යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවන් වෙත පවා ඉහළ තනතුරු ලබාදී ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්