නවතම පුවත්

ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා ගෙනයාමට යුරෝපා සංගමය කැපවෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා සංගමය පවසනවා. අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව පවතින අර්බුද සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍ය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිදියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට සහයවීමට යුරෝපා සංගමය කැපවී සිටින බවයි යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ප්‍රකාශ කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිවරිය මේ බව කියාසිටියා.

ජී එස් පී ප්ලස් කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබදවද එහිදි අවධානය යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව ජී එස් පී ප්ලස් කැපවීම පිළිබද ප්‍රගතිය ඉතා ඉක්මණින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවයි. එම වාර්තාව මෙම වසරේ අගභාගයේදී හෝ ලබන වසර මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත බවත් එමගින් සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හදුන්වාදීමට සහ මෙහෙයවීමට අපේක්‍ෂා කරන බවත් යුරෝපා කොමිසමේ සභාපතිවරිය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි