නවතම පුවත්

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තබයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුවන් සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ඉවහල් වන ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුම

නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හරහා දෙරට අතර පවතින සබඳතා මෙන්ම යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා ද තීව්‍ර කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වේදිකාවක් නිර්මාණය වනු ඇත.

නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ දී මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. දෙරටට අයත් නම් කළ ගුවන් සමාගම්වලට ඇම්ස්ටර්ඩෑම් සහ කටුනායක අතර පියාසර කිරීමටත්, සිය අදාළ ප්‍රදේශවලින් ඔබ්බට පියාසර කිරීමටත් මෙමඟින් අවස්ථාව සැලසේ.

විශ්‍රාන්ති කටයුතු සහ ව්‍යාපාරික සංචාර සඳහා පවතින මාර්ග මෙම ගිවිසුම මගින් පුළුල් කෙරේ. තවද එමඟින් ව්‍යාපාරික අන්තර්ක්‍රියා වැඩි දියුණුවන අතර, භාණ්ඩ ප්‍රවාහනය සඳහා වේගවත් ක්‍රමවේදයක් ද නිර්මාණය වනු ඇත. ශ්‍රී ලංකාව යනු ඕලන්ද සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ගමනාන්තයකි. 2022 වසරේ ඇතැම් කාලසීමාවන් තුළ පනවන ලද සංචරණ සීමා මධ්‍යයේ වුවද නෙදර්ලන්ත සංචාරකයන් 11,987දෙනෙකු මෙරට සංචාරයේ නිරත වී ඇත.

නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය සහ නෙදර්ලන්ත යටිතල පහසුකම් හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ වැඩ බලන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. වෑන් ෆාසන් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය රුචිකත්වය මෙම ගිවිසුම මඟින් පිළිබිඹු වේ.

දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය 2021 වසරේ දී සමරන ලදී.

2023 පෙබරවාරි 22 වැනි දින අත්සන් තබන ලද මෙම ගිවිසුම 1953 වසරේ ස්ථාපිත ගිවිසුම වෙනුවට ක්‍රියාත්මක වන අතර, ගිවිසුම පිළිබඳව ලිඛිතව දැනුම්දීමේ දිනයෙන් පසුව දෙවැනි මාසයේ පළමු දින සිට රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා එය බලාත්මක වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්