නවතම පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ගැන IMF ප්‍රසාදය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත්තේ අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුවය.

ඊයේ නිකුත් කෙරුනු දෙවැනි කාර්තුවේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක සියයකින් ඉහළ නැංවීමට තීරණය කෙරුණි.

උද්ධමනය අඩුවෙමින් පවතින අවස්ථාවක මේ ක්‍රියාමර්ගයට එළෙඹීමට ශ්‍රී ලංකා මහ බැංකුව අකමැත්ත පළ කළ බව ‘ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවිය’ පෙන්වා දෙයි.

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව අවසානයේ දී පදනම් ඒකක සියයකින් පමණක් පොලී අනුපාත ඉහළ නංවනු ලැබීය.

උද්ධමනය පිළිබඳ ඉලක්කගත රාමුව අනුව මෙලෙස පොලී අනුපාත නැංවීම නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකාවේ අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රධනී පීටර් බ්‍රෙවර් ප්‍රකාශ කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා