නවතම පුවත්

ශ්‍රී ලාංකික ඇඟලුම් සඳහා එංගලන්තයේ අපනයන ප්‍රවර්ධන වැඩසටහනක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Sri Lanka Apparel Sourcing Association (SLASA) එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව ප්‍රථම වරට Sourced Sri Lanka – Textile & Apparel Roadshow නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට තීරණය කර ඇත.

මෙම ප්‍ර‍දර්ශනය 2024 ජූනි මස එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රි ලාංකික ප්‍රදර්ශකයින් පනස්දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙන්ම විදේශීය ගැනුම්කරුවන් සහ වෙළඳ නැරඹුම්කරුවන් දහසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික සහභාගීත්වය මගින් නව ගැනුම්කරුවන් සොයාගැනීම අපේක්ෂා කරන අතර ඒ තුළින් මෙරට ඇඟළුම් අපනයන ක්ෂේත්‍ර‍යට නව උත්තේජනයක් ලැබෙනු ඇත. 2026 වසර වනවිට එක්සත් රාජධානියට ඇ.ඩො. බිලියන 1 කින් ඇඟලුම් අපනයනය වැඩි කිරීමේ අරමුණින් යුතුව නව ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීම සහ එක්සත් රාජධානියේ දැනට සිටින ගැනුම්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම ප්‍ර‍දර්ශනයේ මූලික අරමුණයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම තිරසාර ඇඟළුම් නිශ්පාදනය කරන රටක් ලෙස ලෝකයේ ජනප්‍රියතාවයක් උසුලයි. වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ක්ෂේත්‍ර‍යද අභියෝග රැසකට මුහුණ දී ඇත. එයින් ප්‍ර‍ධානම අභියෝගය වන්නේ අපගේ ප්‍ර‍ධාන වෙළඳපොළ වන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල පසුගිය වසර දෙකෙහි ඉහළ වෙළඳපළ (High-end Market) තුළ ඇති ඉල්ලුම අඩුවීමයි. එබැවින් ඇගළුම් අපනයනයේදී ඉහළ වෙළඳපළ ඉලක්ක කරන ශ්‍රී ලංකාව වැනි රටවලට එය අභියෝගයකි. මෙම තත්වයට මුහුණදීම සඳහා නව වෙළඳපළවල් මෙන්ම වෙළඳපළ තුළ සිටින නව ගැනුම්කරුවන් හඳුනාගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එහි එක් වැදගත් පියවරක් ලෙස SOURCED SRI LANKA APPAREL ROAD SHOW අපනයන ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්