ශ්‍රීලන්කන් මුදල් අමාත්‍යාංශය යටතට- තවත් ආයතන කිහිපයක වෙනස්කම්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි පාලිත ආයතනයන් මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ ටෙලි – සිනමා ගම්මානය (රන්මිණිතැන්න) නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයට එක් කිරීමට කටයුතු කර ඇත.