නවතම පුවත්

‘කිසිදු රටක් ණය උගුලකට හසු කරන්නේ නෑ’ – චීනය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

චීනයේ ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ නව ආර්ථික වැඩසටහන හෝ විදේශ ප්‍රතිපත්තිය යටතේ කිසිදු රටක් නය උගුලක සිර නොකරන බවත් ඒ වෙනුවට සිදුවන්නේ දෙපාර්ශවයටම වාසි හා ප්‍රතිලාභ අත්වීම වන බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අවධාරණය කර සිටී .

චීනයේ මෙම බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආර්ථික වැඩපිළිවෙල , මේ වනවිට ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය කිරීමේ සුවිශේෂී හා ලොව විශාලතම වේදිකාව බවට පත්ව ඇති බවත් චීන විදේශ අමාත්‍යවරයා ඊයේ (08) චීනයේ බීජින්ග් නුවර පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

මෙම වැඩසටහනට ඇතැමුන් වැරදි අර්ථකතන ලබාදෙන බවත් , මෙම වැඩසටහන සමග එක්වූ කිසිදු රටකට අවාසි සිදුනොවන බවත් චීන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන විදෙස් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

ලොව පුරා රටවල් 129ක් අපගේ වැඩසටහන හා සම්භාන්ධවී ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙය හරහා සංවර්ධනය එකිනෙකා හා බෙදාහදා ගැනීමට එම රටවලට හැකියාව ලැබෙනවා. මෙය කිසිවිටකත් චීනයට පමණක් වාසි සැලසෙන ලෙස සකස් කරන ලද ක්‍රමවේදයක් නොවේ. මෙම වැඩසටහන හරහා රටවල් රැසකට ප්‍රතිලාභ අත්වී තිබෙනවා. මෙම වැඩසටහනට සම්භන්ධවන සැම රටකටම අපගේ රටට මෙන්ම වාසි හා සංවර්ධන අවස්තා උදාවනවා.

බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහන හේතවෙන් මේ වනවිට නැගෙනහිර අප්‍රිකාවට තම ප්‍රථම අධිවේගී මාර්ගය ලැබී තිබෙනවා. මාලදිවයිනට ප්‍රථම අන්තර් දූපත් පාලම ලැබී තිබෙනවා.කසකස්තානයට මුහුද හා සම්භාන්ධවීමට ලැබී තිබෙනවා. ඊසාන දිග ආසියාවට ප්‍රථම අධිවේගී දුම්රියමාර්ග ලැබී තිබෙනවා. එසේම යුරෝආසියානු කලාපයට ප්‍රථම දුර ගමන් දුන්රිය සේවා ලැබී තිබෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි