ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කර තිබේ.
ජනාධිපතිවරණය අවසන් වන තෙක් මෙම පත්කිරීම බලාත්මක ය.
එහි ප්රකාශක වීරකුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කළේය.
වත්මන් සභාපතිත්වය දරනුයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතායි.