ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලනිප සාමාජිකයින් සම්භන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ නීති මණ්ඩලයක් පිහිටුවීමට ශ්රීලනිපය තීරණය කර ඇත.
ඒ අනුව දෙපාර්ශවයේ කටයුතු සම්භන්ධයෙන් පැනනගින අර්බුද හා ගැටළු මෙම නීති මණ්ඩලය හරහා නිරාකරණය කිරීමට යෝජනා වී ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර සිටී.
මෙම මණ්ඩලය සඳහා නීතීඥවරු දෙදෙනෙකු හා දේශපාලනඥයකු ඇතුලත්කිරීමටද දැනටමත් සැලසුම් කර ඇති බවද වාර්තාවේ.