ශ්‍රීලනිපයේ ප්‍රතිසන්ධානය මේ සතියේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මෙම සතිය තුළ සිදු කරන බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටී .

ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂය තුළ ප්‍රතිසන්ධානයක් විය යුතු බවට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගත් බවද ඒ මහතා පැවසීය .

විශේෂයෙන්ම ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගිය ජනපතිවරණයේදී ශ්‍රීලනිපය සුරකීමේ සංවිධානයට එක්වීම හේතුවෙන් නව සංවිධායකවරුන්ද පත්කිරීමට පක්ෂය සැලසුම් කර ඇති බවද මහාචාර්යවරයා පැවසීය