ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තවුරු කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17ක සහභාගිත්වයෙන් ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම දැන් සිදුකරෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය මේ වන විට ආරම්භ කර තිබේ.
කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවී ඇති බව වාර්තා වෙයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් මෙම ගිවිසුමට අස්සන් තැබීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී මෙම සන්ධානය පුටුව ලකුණ යටතේ තරග වැදීමට නියමිත බවද වාර්තා වෙයි.