ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය හා එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ජාවක් අද (11) පෙරවරුවේ පැවත්වීමට නියමිතව ඇත.
මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී මෙම සාකච්ජාව පැවැත්වෙන අතර ඊට එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකුම එක්වීමට නියමිතය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය වෙනුවෙන් රාජිත කොඩිතුවක්කු , ජී එච් බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්වනු ඇත.
එක්සත් ජාතික පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයට එක්වීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ජා කෙරෙනු ඇත.