ශ්‍රීලනිපය 70 සපුරයි මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70ක් සපිරෙන අද (02) දිනයේදී පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කතාවක් සිදුකිරීමට නියමිතය.

එමෙන්ම ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදිඔහු මේ බව කියා සිටියේය.

අදට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ පෙරවරුවේ පොළොන්නරුවේ එම පක්ෂයෙන් ලේ දන්දීමේ පිංකමක් සිදුකළේය.