ශ්‍රීලනිප අභ්‍යන්තරයේ ගැටුම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සමුළුවට සහභාගී වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීම මුල් කරගනිමින් ශ්‍රීලනිපය තුල මේ වනවිට විශාල මත ගැටුමක් හටගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

සමුළුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රීලනිපයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු , යෝජනා කර ඇති අතර තවත් පිරිසක් ඊට දැඩිව විරෝධය පලකිරීම හේතුවෙන් මෙම මතභේදාත්මක තත්වය මතුව ඇත.

ඒ අනුව ඉදිරියේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව පුළුල්ව සාකච්ජා කර තීරණයක් ගැනීමට යම් එකඟතාවයක් ඇතිවී ඇති බවද වාර්තාවේ.