ශ්‍රීලනිප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ හමුවක් සිකුරාදා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන සිකුරාදා දින පැවැත්වීමට සැලසුම් කර ඇත.

පක්ෂය විසින් ඉදිරියේදී ගැනීමට නියමිත දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී , එළඹෙන ජනාධිපතිවරණයට අදාල විශේෂ තීන්දුවක් ගැනීමටද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.