නවතම පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව ආ ජිනීවා යෝජනාව සම්මතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ යෝජනාවට අදාළව ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදි වැඩිඡන්ද 11කින් යෝජනාව සම්මත වී තිබේ.
එම යෝජනාවලියට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබුණි.
ශ්‍රී ලංකාවට පක්ෂව නැතහොත් එම යෝජනාවලියට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 11ක් පමණි. ඒ බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, වෙනිසියුලාව සහ උස්බෙකිස්තානයයි.
රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. යෝජනාවලියට ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් වන්නේ බහරේන්, බර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය ලිබියාව, මෞරි තාන්‍යා, නැමීබියාව, නේපාලය, සෙනගාලය, සුඩානය සහ ටෝගෝ රාජ්‍යයන් ය.
එම ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (23) පස්වරු 4.30ට පමණ පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්