ශ්‍රී ලංකාවට එරෙහිව එන කල්ගිය ජිනීවා ඡන්දය අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාවට අදාළ   ඡන්ද විමසීම අද  (23 ) දින  දක්වා  කල් තැබීමට එම කවුන්සිලය ඊයේ  තීරණය කළේය.
ඒ අනුව එම ඡන්ද විමසීම අද  දින  ජිනීවා වේලාවෙන් පෙරවරු 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.00ට) පමණ පැවැත්වෙන බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාව සහ තවත් රටවල් කිහිපයකට එරෙහි යෝජනා කිහිපයක්ම ඊයේ  (22 ) එම කවුන්සලයේ සභාගත කළද එම සැසිවාරයේ ඊයේ දින න්‍යාය පත්‍ර යේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඡන්ද විමසීම මෙලෙස අදට  කල් ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.