ශ්‍රී ලංකාවට දිනකට පැමිණෙන විදේශ සංචාරකයින් සංඛ්‍යාව මේ මස තුල 2200 දක්වා ඉහල නැංවී ඇති බවත් එය පසුගිය මාසයේ පැවතියේ 1300 ක සීමාවක වන බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා ප්‍රකාශ කර සිටී.
පසුගිය වසරේ මෙරටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණයෙන් සියයට 80ක ප්‍රමාණයක් හෝ මෙම වසරේ මෙරටට ගෙන්වා ගැනීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇති බවත් කිෂූ ගෝමස් මහතා thecolomboexpress.com වෙබ් අඩවියට පැවසීය .
මෙම ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බවත් , විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය ඉලක්ක කර විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන බවත් ගෝමස් මහතා මෙහිදී සඳහන් කළේය .
‘පසුගිය වසරේ මිලියන 2.33 කට ආසන්න විදෙස් සංචාරකයින් පිටිසක් මෙරටට පැමිණියා . මෙම වසරේදී එම ප්‍රමානයට හැකිතාක් ආසන්න සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට අප හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. පසුගිය වසරට වඩා සියයට 20කින් පමණ අඩු, විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් හෝ මෙම වසරේ මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුවහොත් එය ජයග්‍රහණයක් , ඒ සඳහා අප අවශ්‍ය පියවර ගන්නවා.’