නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදය මර්දනය කරන්න සහය දෙන්න ජනාධිපති පකිස්ථාන විදේශ ඇමතිගෙන් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි මහතා ඊයේ (02) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙඳ කටයුතු,ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්ශක්තිමත්කර ගැනීමෙහිලා පාකිස්ථානයේ දැඩි උනන්දුව ප්‍රකාශ කර සිටියා.

දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත්‍රශීලි සහ උණුසුම් සබඳතාවයක් සහ සහයෝගිතා වපසරිය පුළුල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පාකිස්තානයේ බලාපොරොත්තුව බවයි විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බවද පකිස්ථාන විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පකිස්ථානයේ සංචාරයක් සඳහා පැමිණෙන තෙක් සිය රට උනන්දුවෙන් බලා සිටින බව ද මෙහිදී විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මුල්‍යම ආධාර සොයනවා වෙනුවෙන්ට අප වැයම් කළ යුත්තේ 
අන්‍යෝන්‍ය වශයෙන් එලදායි පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම බවයි. පකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිතුමා එහිදි උදාහරණයක් ලෙස දැක්වීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රවය භාවිතය අපරට මුහුණ පා සිටින බරපතළ උවදුරක් මේ ව්‍යවසනය පිටුදැකීමට අප පකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරන බව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම ඉස්ලාමිය අන්තවාදීන්ට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට සහය දක්වන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා පකිස්ථාන රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්