කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය වේගවත් සහ තීරණාත්මක බවත් එහි මනා සම්බන්ධීකරණයක් පැවති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.
කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇත
ලෝක සෞඛ්ය සංවිධානයේ සාමාජික රටවල් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන ලොවට අවබෝධයක් ලබා දීම මෙම වාර්තාවේ අරමුණවී ඇත
මෙම වාර්තාවේ 75 සිට 88 පිටු දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වී ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය හා සෘජු තීන්දු ගැනීම මේ සඳහා මහා පිටුවහලක් වූ බව ද වාර්තාවේ සඳහන්ය.
ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මර්දනය සාර්ථක වීමට බලපෑ සමස්ත රාජ්‍ය ප්‍රවේශය සම්බන්ධයෙන් වාර්තාව දීර්ඝ ලෙස පැහැදිලි කර තිබේ.