ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අනිද්දා ඇරඹේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නිෂ්පාදිත අස්ට්‍රසේනිකා කොවිශීල්ඩ් (AstraZeneca Covishield)  එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11ට මෙරටට ළඟා වීමට නියමිත බව කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කර සිටී .

ඉන්දීය රජය මෙරටට පිරිනමන එම එන්නත් තොගය පුද්ගලයින් 250,000 දෙනෙකු වෙත ලබා දිය හැකිවනු ඇති බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

ඒ අනුව මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහන  අනිද්දා සිට ආරම්භ කරන බවද ඒ මහතා  මෙහිදී ප්‍රකාශ කළේය .

එහි පළමු අදියර යටතේ ප්‍රථමයෙන් එන්නත්කරණය සිදුකරනු ලබන්නේ කොරෝනා මර්දනය සදහා ඉදිරිපෙළ කටයුතු කරන තෝරාගත් පිරිස් සඳහාය..