ශ්‍රී ලංකා පොලිස් භාරයේ සිටින පුද්ගලයින් මියයාම සම්භන්ධව තමා වෙත වාර්තා ලැබී ඇති බවත් ඒ පිළිබඳව පුළුල් කඩිනම් සහ ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතුව ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය අවධාරණය කර සිටී .
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය ආරම්භ කරමින් මහකොමසාරිස්වරිය මේ බව පැවසීය .
පොලීසිය සහ අපරාධ කල්ලි අතර සිදු වන ගැටුම්වලදී පුද්ගලයින් මියයන බවද ත් මා නිරීක්ෂණය කර තිබෙනබව ඇය මෙහිදී අවධාරණය කල අතර ඒ පිළිබඳවද කොමසාරිස් කාර්යාලයේ අවධානය යොමුව ඇති බවත් පැවසුවාය
මෙහිදී ශ්‍රී ලංකාව සම්භන්ධව තවදුරටත් අදහස් දක්වමින් මහකොමසාරිස්වරිය මෙසේද පැවසීය
සැකකරුවන් දැනට පවතින නීතිවලට අනුව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, අත්තනෝමතික ලෙස වසර දෙකක් දැනට පවතින නීතිවලට අනුව රඳවා තබා ගන්න පුළුවන්. මේ ගනත අපි ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග සාකච්ජා කාරනාව ඒ ගැන කටයුතු කරනවා. මෙම කවුන්සිලයට ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස පැවැත්වෙන සැසිවාරයේදී යාවත් කාලීන කිරීමක් කරනවා
.