නවතම පුවත්

ජාත්‍යන්තර යෝගා දිනය සැමරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය අද දින (ජූනි 21) ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් හා එක්ව විශේෂ අතත්‍ය යෝගා වැඩසටහනක් සමඟින් 7 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරුවේය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහභාගී වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පුහුණු පාසල් සහ ආරක්ෂක අංශයේ අධ්‍යාපන ආයතන, නෞකා වැනි ශ්‍රී ලංකාව පුරා ආරක්ෂක අංශවලට අදාළ විවිධ ආයතන 150ක පමණ සාමාජිකයන් 500ක් පමණ දෙනා මේ සඳහා සහභාගී වූහ.

2. වැඩසටහන සමාරම්භ කරමින් රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනෙහි විහාරාධිපති සහ අධ්‍යක්ෂ අති පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමියෝ සැමගේ සුබසිද්ධිය සඳහා ආශිර්වාද කළහ. විවිධ ප්‍රතිලාභ රැසක් ලබා දෙන යෝගා ව්‍යායාමයන්හි නිරත වීමට සැම දෙනා දිරිගන්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  යෝගා දින පණිවුඩ මෙහිදී ඉදිරිපත් කරන ලදී. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සිය යෝගා දින පණිවුඩයේදී මෙවර යෝගා දිනයේ තේමාව වන ‘සුවසෙත සඳහා යෝගා’ යන්න වර්තමාන කොවිඩ්-19 තත්ත්වයට අදාළ වන ආකාරය පිළිබඳව සඳහන් කළේය. ඒකාත්මික වීමට නිසඟ බලයක් ඇති යෝගා ප්‍රජාවට ද, ප්‍රතිශක්තියට ද එකමුතුබවට ද යහපත් බව එතුමා අවධාරණය කළේය. යෝගා යනු වසර දහස් ගණනක් පැරණි ආධ්‍යාත්මික සම්ප්‍රදායන්හි සහ ඉන්දියානු දාර්ශනිකයන්ගේ ක්‍රමවේදයන්හි සුන්දර, වටිනා ත්‍යාගයක් බව ද එය ලොව පුරා පරම්පරා ගණනාවක ජනතාවගේ ජීවිත ස්පර්ශ කර ඇති බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය යෝගා දින පණිවුඩයේ සඳහන් කළේය.
3. මහ කොමසාරිස්තුමා නම්‍යශීලිත්වය සහ සතිමත්භාවය වැඩි දියුණු කරගැනීම සඳහා යෝගා ජීවන පුරුද්දක් ලෙස පුරුදු පුහුණු කරගන්නා ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේය. යෝගා දිනය සැමරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය සමඟින් එක්වීම සම්බන්ධයෙන් එතුමා සියළු දෙනාට සිය ස්තූතිය පුද කළේය.
4. පවතින කොවිඩ්-19 සංචාරක සීමා හේතුවෙන් මෙවර සියළු ජාත්‍යන්තර යෝගා දින වැඩසටහන් අතත්‍ය අයුරින් පැවැත්වේ. යෝගා දිනය නිමිත්තෙන් 2021 මැයි-ජූනි මාසයන් හිදි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මාර්ගගත (ඔන්ලයින්) යෝගා සැසි රැසක් නොමිලේ පවත්වන ලදී. මෙවර තේමාව අනුව මෙම සැසි සුවතාවය සහ චිකිත්සක යෝගා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් සංවිධානය කර තිබිණ. 2021 ජූනි 20 වන දින රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේදී විශේෂ යෝගා වැඩසටහනක් පැවති අතර එම අවස්ථාව සඳහා මහ කොමසාරිස්තුමා සිංහල භාෂාවෙන් විශේෂ පණිවුඩයක් ඉදිරිපත් කළේය.

5. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2015 වසරේ සිට සෑම වසරකම ජාත්‍යන්තර යෝගා දිනය මහත් උනන්දුවකින් ශ්‍රී ලංකා නායකත්වය සහ ජනතාව සමඟ එක්ව සමරයි. සාමාන්‍යයෙන් සෑම වසරකම ඒ සඳහා දහස් ගණනක් ජනතාව සහභාගි වෙති. වසංගතය විසින් මතුකර ඇති අභියෝග හමුවේ පවා මෙවර හත් වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද විවිධ මාර්ගගත (ඔන්ලයින්) වැඩසටහන් සඳහා 7000කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්